June 17, 2019
Home Business

Business

ෂැන්ග්‍රී ලා අද සිට යළි විවෘතයි

පාස්කු ඉරිදා ප්‍රහාරය හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු කොළඹ ෂැන්ග්‍රී ලා හෝටලය අද (12) සිට නැවත විවෘත කෙරේ. ඒ අනුව පස්වරු 06.00 සිට හෝටලය පාරිභෝගිකයන් සඳහා විවෘත වන බවයි හෝටල් පාලනාධිකාරිය පවසන්නේ. පසුගිය අප්‍රේල් 21 වැනිදා කොළඹ කිංස්බරි, සිනමන් ලේක් සයිඩ් හා ෂැන්ග්‍රි-ලා හෝටල් තුනට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල විය. කිංස්බරි හා සිනමන් හෝටල් දෙක මීට පෙර නැවත විවෘත කෙරුණු …

තවත් රටවල් රැසක් ශ්‍රී ලංකාවේ සංචාරක තහනම ඉවත් කරයි

පාස්කු ඉරිදා දිනයේ මෙරට කතෝලික දේවස්ථාන සහ ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් ඉලක්ක කරගෙන එල්ල කරන ලද ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව තවත් රටවල් රැසක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් පනවා තිබූ තහනම ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. ස්විට්සර්ලන්තය, ජර්මනිය, ස්වීඩනය, එක්සත් රාජධානිය, ප්‍රංශය, බෙල්ජියම සහ නෙදර්ලන්තය සිය පුරවැසියන් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් පනවා තිබූ තහනම ඉවත් කිරීමට පියවර ගෙන තිබෙන බව …

ශ්‍රීලංකන් ගුවන් සේවයට නව ප්‍රධාන වාණිජ නිලධාරීයෙකු සහ ප්‍රධාන මූල්‍ය නිලධාරීවරයෙකු පත් කරයි

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය මෙන්ම වන්වර්ල්ඩ් ගුවන් සේවා සන්ධානයේ ගෞරවාන්විත සාමාජිකයකු වන ශ්‍රීලංකන් ගුවන් සේවය එහි නව ප්‍රධාන වාණිජ නිලධාරීවරයා ලෙස ජොශුවා බුස්ටොස් (Joshua Bustos) මහතා සහ ප්‍රධාන මූල්‍ය නිලධාරීවරයා ලෙස ශමින්ද සමරවීර මහතා අප්‍රේල් මස සිට පත්කර තිබේ. බුස්ටෝස් මහතා වසර 20 ක පළපුරුද්දක් සහිත ජාත්‍යන්තර මට්ටමේ ජ්‍යෙෂ්ඨතම ගුවන් සේවා විධායක නිලධාරිවරයෙකි. ඒ මහතා ඇමරිකන් එයාර්ලයින්ස්, ස්පිරිට් එයාර්ලයින්ස්, …

ඊළඟ මාස දෙකේ දී ආරක්ෂාව සම්පූර්ණයෙන් තහවුරු කර පෙර තිබුණු තැනට සංචාරක ව්‍යාපාරය ගෙනයන්න බලාපොරොත්තු වෙනවා – කිෂූ

එළඹෙන මාස 02 තුළ දී රටේ පවතින ආරක්ෂක තත්ත්වය සම්පූර්ණයෙන් තහවුරු කරමින් පෙර තිබුණු ප්‍රවණතාවයට සංචාරක ව්‍යාපාරය ගෙන යා හැකි බවට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිෂූ ගෝමස් මහතා පවසයි. අද දෙරණ වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිෂූ ගෝමස් මහතා, “මේ වෙන කොට …

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා යටතේ තුරුණු දිරියේ ව්‍යවසායක ණය 715 දක්වා ඉහළට

කුඩා පරිමාණ තරුණ ව්‍යවසායකයින් නගා සිටුවමින් ඒ හරහා ජාතික ආර්ථිකය ශක්තිමත් කරවීම අරමුණ කරගත් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මකවන ලංකා බැංකුවේ තුරුණු දිරිය ණය යෝජනා ක්‍ර‍මයේ ණය නිකුත් කිරීම්වල ප්‍ර‍ගතිය අප්‍රේල් මස අවසන් වන විට 715ක් දක්වා ඉහළ ගොස් ඇත. මේ වන විට ලබා දී ඇති සමස්ත ව්‍යවසායක ණයසංඛ්‍යාවෙහිවටිනාකම මිලියන 294ඉක්මවයි. අප්‍රේල් මස 30වැනි දින ණය යෝජනා ක්‍රමය පිළිබදව …

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ගොඩනැංවීමට රටවල් රැසක සහය

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ගොඩනැංවීම සඳහා රටවල් රැසක සහයෝගය ලැබෙමින් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ හා ප්‍රවර්ධන අධිකාරියේ සභාපති කිෂූ ගෝමස් මහතා පවසයි. ඒ අනුව ඉදිරි මාස කිහිපය ඇතුලත මෙරට සංචාරක කර්මාන්තය යළි යථා තත්වයට ගෙන ඒමට හැකිවනු ඇති බවට විශ්වාස කරන බව ගෝමස් මහතා ජාත්‍යන්තර මාධ්‍ය හමුවේ සදහන් කළේය. ආරක්ෂක අංශ රටේ ආරක්ෂක තත්ත්වය සහතික කිරීම වෙනුවෙන් …

රුසියානු සංචාරකයන් 52ක් ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාවට සංචාරකයන්ගේ පැමිණීම බොහෝ සෙයින් බිද වැටී තිබියදීත්, රුසියානු සංචාරකයන් 52 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් මොස්කව් නුවර සිට ඊයේ (01) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ. මොවුන් රුසියානු ගුවන් සේවයට අයත් එස්.යූ.6265 දරණ ගුවන් යානයෙන් ඊයේ උදෑසන 8.20 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත. වර්තමාන ශ්‍රී ලංකාවේ තත්වය පිළිබඳව රුසියාවට ද ආරංචි වූ බවත්, එහෙත් තමන් නොබියව සැලසුම් …

අගමැති ඉල්ලීම මත ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 480ක ප්‍රදානයක් -වසර 5 ක් තුළ ප්‍රධාන ව්‍යාපෘති තුනක්

ඇමරිකානු එක්සත් ජනපද ආණ්ඩුවට අයත් ආයතනයක් වන ‘මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ආයතනය විසින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 480 ක ප්‍රදානයක් ලබා දීමට තීරණය කර ඇත. 2019 අප්‍රේල් මස 25 වන දින වොෂින්ටනයේදී මෙම තීරණයට එළැඹ ඇත්තේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමිනි. මෙම ප්‍රදානය යටතේ ප්‍රධාන ව්‍යාපෘති තුනක් ක්‍රියාත්මක කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 480 …

කුඩා හා මධ්‍ය පර්මාණ ව්‍යාපාරිනයන්ගේ ණය බර අඩු කොට ව්‍යාපාර දියුණු කිරීමට ණය සඳහා වන පොළී අනුපාතය අඩු කිරීමට පියවර

කුඩා හා මධ්‍ය පර්මාණ ව්‍යාපාරිනයන්ගේ ණය බර අඩු කොට ව්‍යාපාර දියුණු කිරීමේ පියවරක් වශයෙන් වාණිජ බැංකුවකින් නිකුත් කරන ණය සඳහාවන පොළී අනුපාතය අඩු කිරීමට එන සතිය තුළ කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මේ මඟින් රජය බලාපොරොත්තු වන්නේ මේ රටේ ව්‍යාපාර දියුණු කිරීමට අවශ්‍ය ණය බර අඩු කිරීමටයි. රටේ ව්‍යාපාර දියුණු කිරීමට ණය බර බාධාවක් වී ඇතැයි අගමැතිවරයා …

”දකුණු ලකට අලුත් මඟක්” මාතර- බෙලිඅත්ත දුම්රිය මාර්ගය ජනගත කෙරේ

ශ්‍රී ලංකේය ඉතිහාසට අලුත් පරිච්ඡේයක් එක් කරමින් අභිනවයෙන් ඉඳිකළ මාතර බෙලි අත්ත දුම්රිය මාර්ගය ජනගත කිරීම අද (08) සිදු කෙරිණි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආශිර්වාදයෙන් ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සහ හිටපු ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු පක්ෂ විපක්ෂ ජනතා …

Newsletter

Get the best viral stories straight into your inbox!

Don’t worry we don’t spam

aaa

Business

Latest Reviews

Entertainment

Random Post

Popular Lifestyle

e3

Currency

Currency pairRate
EUR / USD
EUR / NOK
Refresh in 120