June 17, 2019
Home Latest News

Latest News

විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතා ඉවතට-අවමය 2800යි උපරිමය 20000යි

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් 2019 අයවැය මගින් යෝජිත විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීම ජූලි මස සිට ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව 2015.12.31 ට පෙර විශ්‍රාම ගනු ලැබූ විශ්‍රාමිකයන් 500,000කට පමණ මෙම විශ්‍රාම වැටුප් වැඩිවීමේ වාසිය හිමිවේ. මෙසේ විශ්‍රාම ගනු ලැබූ විශ්‍රාමිකයන්ගේ මාසික වැටුප රු. 2,800 සහ රු. 20,000 අතර මුදලකින් වැඩිවනු ඇත. 2015 දෙසැම්බර් මස 31 වැනි දිනට පෙර …

කුල දරුවන් සසුනට දායාද කළ දෙමව්පියන්ගේ නිවාස ප්‍රශ්නයට සජිත්ගෙන් වැඩසටහනක්

කුල දරුවන් සසුනට දායාද කළ දෙමව්පියන් වෙනුවෙන් නිවාස ඉදිකිරීමේ “බුදුපුත් මාපිය කැපකරු නිවාස යෝජනා ක්‍රමය” දිප ව්‍යාප්තව ආරම්භ කරන බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. සම්බුදු සසුනේ මුර දේවතාවන් වන මහා සංඝරත්නය සසුනට දායාද කළ දෙමව්පියන් වෙනුවෙන් විශේෂ නිවාස අධාර ක්‍රමයක් ආරම්භ කර, ඔවුන්ගේ නිවාස අවශ්‍යතාවන් ඉටුකර දීම මෙහි මූලික අරමුණ බවත්, බුදු සසුනට ලබා …

නැවත අමාත්‍ය ධූර භාර ගැනීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නවා-හලීම්

පාර්ලිමේන්තුවේදී විශේෂ සාකච්ඡාවක් කිරීමෙන් අනතුරුව නැවත අමාත්‍ය ධූර භාර ගැනීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව හිටපු තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය  එම්.එච්.ඒ. හලීම් මහතා කීය. අස්ගිරි මල්වතු මහ නාහිමිවරුන් ප්‍රමුඛ ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ගේ අනුශාසනාවන්ට අනුකූලව සහ විවිධ පාර්ශවලින් ඉදිරිපත් වන ඉල්ලීම් සලකා බලා ලබන 18 වනදා මෙම තීරණය ගන්නා බව ඒ මහතා පවසයි. අද (16) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ …

බීඩි කොළ කිලෝ 946ක් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට

නාවික හමුදාව මන්නාරම, තාරපුරම් ප්‍රදේශයේ අද (16) සිදු කළ වැටලිමකදි බීඩි කොළ කිලෝ ග්‍රෑම් 946.8  ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඒ අනුව, උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් මන්නාරම, තාරපුරම් ප්‍රදේශයේ සිදුකළ වැටලිමකදී නිවසක් තුළ ගබඩා කර තිබු බීඩි කොළ කිලෝග්‍රෑම් 946.8 ක් මෙලෙස සොයා ගෙන ඇති අතර, ඒවා පාර්සල් 30 ක් අසුරා තිබිණි. තවද, වැඩිදුර විමර්ශනයේදී …

චමල් රාජපක්ෂ අනාගත ජනාධිපති වන්නේ නම් සන්තෝසයි – අස්ගිරි මහ නා හිමි

හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා වැන්නකු විපක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා වන්නේ නම් තමා සතුටට පත්වන බව අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නා හිමියන් පවසයි. මහනුවර ප්‍රදේශයේ පැවැති උත්සවයකදී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේය. ඓතිහාසික ,දොඩම්වල දියකෙලිනාවල කිත්සිරි මෙවන් රජමහා විහාරස්ථානයේ 21ක් රියන් බුද්ධ ප්‍රතිමා වහන්සේගේ නේත්‍ර ප්‍රතිෂ්ඨාපනය සහ නිරාවරණය කිරිමේ මහා පුණ්‍යොත්සවය ඊයේ (15) පස්වරුවේ පැවැත්වුණි. ඒ අස්ගිරි පාර්ශ්වයේ …

ලසන්ත, තාජුඩීන්, සේවකයන් 17 සහ සිසුන් 11 ඝාතන පරීක්ෂණ කඩිනම් කරන්න – පොලිසියට නීතිපතිගෙන් නියෝගයක්

මහත් ආන්දෝලනයට තුඩුදුන් අපරාධ ක්‍රියා 04ක් සම්බන්ධ පරීක්ෂණ කඩිනමින් අවසන් කර වාර්තා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා මෙන් නීතිපති දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ඇතුළු නිලධාරීන්ට නියම කර තිබේ. නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙ‍නෙවිය මේ බව සඳහන් කළාය. ලසන්ත වික්‍රමතුංග ඝාතනය, වසීම් තාජුදීන් ඝාතනය, කප්පම් ලබාගැනීම සඳහා පුද්ගලයන් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ …

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවන් 77ක් CIDයට

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 102 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ඉන් 77 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ පසුවන අතර තවත් 25 දෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය බාරයේ පසුවන බවයි. මේ අතර සෞදි අරාබියේ ජෙඩා හිදී අත්අඩංගුවට ගෙන අද අළුයම මෙරටට රැගෙන ආ …

ධවල මන්දිර මාධ්‍ය ලේකම්වරිය ඉවත් වෙයි

ධවල මන්දිර මාධ්‍ය ලේකම් සාරා සැන්ඩර්ස් එම ධුරයෙන් ඉවත් වන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඇය උපන් අර්කන්සාස් ප්‍රාන්තයට ආපසු යාමට තීරණය කර ඇති බව පැවසූ ජනාධිපතිවරයා ඇය ශූරියකු ලෙස හැඳින්විය. 36 හැවිරිදි සාරා ගේ ඉවත් වීමෙන් හිස් වන ධුරය සඳහා පත් කරන්නේ කවුදැයි මෙතෙක් අනාවරණය කර නොමැත. (කොළඹ, ලංකාපුවත්) –

තරුණයින් 11ක් පැහැර ගැනීමට රිමාන්ඩ් බාරයේ සිටි නාවිකයා දැඩි කොන්දේසි සහිතව මුදාහරී

2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී නාවික හමුදා නිලධාරියා දැඩි කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියම කළේය. අදාළ සිද්ධියේ 11 වන සැකකරු ලෙස නම් කර  කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින නාවික නිලධාරී සංජීව ප්‍රභාත් සේනාරත්න මහතා වෙනුවෙන් ඔවුන්ගේ නීතිඥවරු අද …

ත්‍රස්ථ ප්‍රහාර සම්බන්ධයෙන් ඩුබාහිදී CIDය අත්අඩංගුවට ගත් මොහොමඩ් මිල්හාන් ඇතුළු 5ක් අද අළුයම දිවයිනට

පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට අදාළව ඩුබායිහිදී අත්අඩංගුවට ගත් මොහොමඩ් මිල්හාන් ඇතුළු තවත් ප්‍රබල සාමාජිකයින් පස් දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඩුබායි සිට දිවයිනට රැගෙන විත් ඇත. අද (14) අළුයම මෙම සැකකරුවන් දිවයිනට රැගෙන විත් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කරයි. මේ වන විට ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු බාරයේ පසුවෙයි. (ada derana)

123...8Page 1 of 8

Newsletter

Get the best viral stories straight into your inbox!

Don’t worry we don’t spam

aaa

Business

Latest Reviews

Entertainment

Random Post

Popular Lifestyle

e3

Currency

Currency pairRate
EUR / USD
EUR / NOK
Refresh in 120