June 17, 2019
Home Latest News (page 3)

Latest News

ෂැන්ග්‍රී ලා අද සිට යළි විවෘතයි

පාස්කු ඉරිදා ප්‍රහාරය හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු කොළඹ ෂැන්ග්‍රී ලා හෝටලය අද (12) සිට නැවත විවෘත කෙරේ. ඒ අනුව පස්වරු 06.00 සිට හෝටලය පාරිභෝගිකයන් සඳහා විවෘත වන බවයි හෝටල් පාලනාධිකාරිය පවසන්නේ. පසුගිය අප්‍රේල් 21 වැනිදා කොළඹ කිංස්බරි, සිනමන් ලේක් සයිඩ් හා ෂැන්ග්‍රි-ලා හෝටල් තුනට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල විය. කිංස්බරි හා සිනමන් හෝටල් දෙක මීට පෙර නැවත විවෘත කෙරුණු …

තවත් රටවල් රැසක් ශ්‍රී ලංකාවේ සංචාරක තහනම ඉවත් කරයි

පාස්කු ඉරිදා දිනයේ මෙරට කතෝලික දේවස්ථාන සහ ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් ඉලක්ක කරගෙන එල්ල කරන ලද ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව තවත් රටවල් රැසක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් පනවා තිබූ තහනම ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. ස්විට්සර්ලන්තය, ජර්මනිය, ස්වීඩනය, එක්සත් රාජධානිය, ප්‍රංශය, බෙල්ජියම සහ නෙදර්ලන්තය සිය පුරවැසියන් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් පනවා තිබූ තහනම ඉවත් කිරීමට පියවර ගෙන තිබෙන බව …

දඹුල්ල විහාරයේ විහාරාධිපති හිමිගෙන් කෝටි 10ක කප්පමක් ඉල්ලූ තිදෙනෙක් අත්අඩංගුවට

දඹුල්ල රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය අඹගස්වැව රාහුල හිමියන්ගෙන් රුපියල් කෝටි 10ක මුදලක් බලෙන් ලබා ගැනීමට තැත් කළ පුද්ගලයන් තිදෙනෙක් දඹුල්ල පොලීයිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් පසුගිය මැයි 20 වනදා උන්වහන්සේට ජවාඩ් සංවිධානය නමින් දුරකථන ඇමතුමක් ලබා දී මරණ තර්ජන එල්ල කරමින් කෝටි 10ක කප්පම් මුදල ඉල්ලා ඇත. පසුව මේ පිළිබඳ විමර්ශන ආරම්භ කොට ඇති අතර ඒ අනුව සැකකරුවන් තිදෙනා …

සමෘද්ධිය දුප්පත්කම වවාගෙන කන දේශපාලන ව්‍යාපාරයක් විය යුතු නෑ.-මංගල

පසුගිය සමයේ සමෘද්ධිය දුප්පත්කම වවාගෙන කන දේශපාලන ව්‍යාපාරයක් බවට පත් වු බව මුදල් අමාත්‍ය මංගල සරවීර මහතා පවසයි. දුප්පත්කමට සහ  බඩගින්නට ජාතියක්, ආගමක්, දේශපාලනයක් නැති බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේය. මංගල සමරවීර මහතා මේ බව කියා සිටියේ අලුතින් පවුල් ලක්ෂ හයකට සමෘද්ධි සහනාධාරය ලබා දීම සඳහා වන ජාතික උත්සවයේ මාතර දිස්ත්‍රික් වැඩසටහනට එක්වෙමිනි. උත්සවය ඊයේ (08) මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ …

ජිහාඩ් අන්තවාදයේ මුලික අරමුණ අල්ලාහ් අදහන පිරිස හැර අනෙක් අය විනාශ කිරීමයි-චම්පික

ජිහාඩ් අන්තවාදයේ මුලික අරමුණ අල්ලාහ් අදහන පිරිස හැර අනෙක් අය විනාශ කිරීම බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශලාවේ පැවැති මහාසඟ සමුළුවට සහභාගී වෙමිනි. ‍ මේ අයි.එස් සංවිධානය බිහි වුයේ ඉරාකයේ බවත් අමාත්‍යවරයා පැවසීය. එහිදී වැඩි දුරටති අදහස් දැක්වූ අමාත්‍යවරයා, සදාම් හුසේන් පළවා හැරීමෙන් පස්සේ ඉරාකයේ සුන්නි …

නුවන් ප්‍රදීප් අබාධයකට ලක් වෙයි-තරග කිරීම් සතියකට නවතී

ලෝක කුසලාන එක්දින තරඟාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් අද (09) පැවති පුහුණු සැසියකදී ආබාධයකට ලක්ව ඇති බව වාර්තා වේ. ක්‍රිකට් ආයතනය සඳහන් කළේ මොහුගේ දකුණු අතේ සුළැගිල්ල බිදී යාමකට ලක්ව ඇති බවයි. නුවන් ප්‍රදීප් මේ වන විට ප්‍රතිකාර සඳහා යොමුකර ඇත. මෙ හෙතුවෙන් සතියක කාලයක් යන තුරු තරග සඳහා සහබාගි විය නොහැකි වාර්තා …

ඉන්දියානු අග්‍රාමාත්‍ය වරයාගේ පැමිණීම වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් මාර්ග කිහිපයක වාහන ගමනාගමනය සීමා කිරීමට සිදු වන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණීමට නියමිතව ඇත්තේ හෙට (09) පෙරවරුවේදීය. ඒ වෙනුවෙන් වාහන ධාවනයට සීමා කෙරෙන මාර්ග මෙසේය. පැය 11.00 සිට 12.00 දක්වා සීමා කරන මාර්ග වන්නේ කටුනායක කොළඹ අධිවේගී මාර්ගය, පෑලියගොඩ ගුවන් …

පොලිස්පති පූජිත් විසින් ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම කල්යයි

ජනාධිපතිවරයා විසින් පවතින නීතිරීති හා ආණ්ඩුකම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් තමන් අනිවාර්ය නිවාඩු යැවීමට ගත් තීරණය නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම මේ මස 24 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. මෙම පෙත්සම අද(07) බුවනෙක අලුවිහාරේ, ප්‍රසන්න ජයවර්ධන සහ එල් ටී බී දෙහිදෙනිය යන මහත්වරුන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල …

ලංකාවේ ශක්තිමත්ම නායකයා සජිත්.. තව මාස කිහිපයකින් ඔහු රට බාරගන්නවා..

මෙරට තුළ වර්තමානයේ ඇතිවී තිබෙන අභියෝගයන්ට මුහුණ දෙමින් රට ගොඩනැගීමේ හැකි ශක්තිමත් නායකයා සජිත් ප්‍රේමදාස මහතා බව රාජ්‍ය ඇමති අජිත් පී පෙරේරා මහතා පවසයි. තව මාස කීපෙකින් සජිත් ප්‍රේමදාස මහතා මේ රට භාර ගන්නා බවත් ඉන් පසු අඩුපාඩු හදාගෙන ඉදිරියට යන බවත් ඔහු කියා සිටියේය. බණ්ඩාරගම නගරයේ දී පැවති ජනහමුවක් අමතමින් ඔහු මේ බව සදහන් කලේය. Lanka C news

පොසොන් උලෙළට විශේෂ ආරක්ෂාවක්

පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබා දී ඇති බව පෙරේදා (5) පොසොන් උත්සවය සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. (කොළඹ, ලංකාපුවත්) –

1234...8Page 3 of 8

Newsletter

Get the best viral stories straight into your inbox!

Don’t worry we don’t spam

aaa

Business

Latest Reviews

Entertainment

Random Post

Popular Lifestyle

e3

Currency

Currency pairRate
EUR / USD
EUR / NOK
Refresh in 120