June 17, 2019
Home Sports

Sports

එයාර්ටෙල් දුරකථනයෙන් ලෝක කුසලාන ක්‍රිකට් තරග නැරඹීමේ අවස්ථාව

එයාර්ටෙල් ශ්‍රී ලංකා සමාගමථ සිය වටිනා පාරිභෝගිකයන්ට අසමසම ඩිජිටල් අත්දැකීම් ලබාදීමේ මූලාරම්භයේ එක් පියවරක් වශයෙන් ජංගම දුරකථනය ඔස්සේ මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නැරඹීමේ අවස්ථාව උදාකර දී තිබේ. එයාර්ටෙල්, ලෝක කුසලාක ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවේ නිල විකාශක ලෙස කටයුතු කරන රූපවාහිනී අයි නාලිකාව සමග අත්වැල් බැඳගනිමින් ‘My Airtel‘ app එක හරහා එම තරගාවලියේ සියලුම තරග සජීව ලෙස විකාශය කරනු ඇත. …

ශ්‍රී ලංකාවට හා බංග්ලාදේශයට ප්‍රසාද ලකුණ බැගින්

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඊයේ(11) බ්‍රිස්ටල් හිදි පැවැත්වීමට නියමිතව තිබූ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 16 වැනි තරගයටද වර්ෂාවෙන් බාධා ඇති විය. ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ පස්වරු 3.00ට තරගය ආරම්භ වීමට නියමිතව තිබුණත් පැය 3කටත් වඩා වැඩි කාලයක් වර්ෂාව ඇද හැලීම හේතුවෙන් කාසියේ වාසිය උරගා බැලීමටද අවස්ථාවක් නොලැබිණි. මේ සමගින් දෙපිලටම එක් ප්‍රසාද ලකුණ බැගින් හිමිවිය. ඒ අනුව ශ්‍රී ලංකාව …

නුවන් ප්‍රදීප් අබාධයකට ලක් වෙයි-තරග කිරීම් සතියකට නවතී

ලෝක කුසලාන එක්දින තරඟාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් අද (09) පැවති පුහුණු සැසියකදී ආබාධයකට ලක්ව ඇති බව වාර්තා වේ. ක්‍රිකට් ආයතනය සඳහන් කළේ මොහුගේ දකුණු අතේ සුළැගිල්ල බිදී යාමකට ලක්ව ඇති බවයි. නුවන් ප්‍රදීප් මේ වන විට ප්‍රතිකාර සඳහා යොමුකර ඇත. මෙ හෙතුවෙන් සතියක කාලයක් යන තුරු තරග සඳහා සහබාගි විය නොහැකි වාර්තා …

අවුල විකට්ටුවලයි. ඒවා එක්දින තරග සඳහා සුදුසු නෑ – හතුරුසිංහ

නවසීලන්ත කණ්ඩායම සමග මෙන්ම ඇෆ්ගනිස්තාන කණ්ඩායම් සමග පැවැති තරගවලදී ලැබූ විකට්ටු එක්දින තරග සඳහා සුදුසු නොවන බව ශ්‍රී ලංකා පුහුණුකරු චන්දික හතුරුසිංහ පවසයි. ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග පැවැති තරගයෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවැසීය. “එක අවස්ථාවක අපි හොඳ තත්ත්වයක හිටියා. අපේ විකට් තුනක් එක් පන්දුවාරයකදී දැවී ගියා. අනවශ්‍ය පහරවල් එල්ල කළා. දුවද්දී දැවී යාමත් දිවි නසා ගැනීමක්. අපිඔවුන්ට තරගයට …

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ආරක්ෂාවට පොලිස් කණ්ඩායමක් එංගලන්තයට

ලබන අඟහරුවාදා (07) එංගලන්තය බලා යන ශ්‍රී ලංකා ක්‍රිකට් පිල සමග ඉහළ පෙළේ පොලිස් නිලධාරීන් තිදෙනකු පිටත්ව යති. ලෝක කුසලාන තරගාවලියට පෙර එංගලන්තයේදී සති තුනක පමණ පුහුණු සැසියක් පැවැත්වෙන හෙයින් එහි ආරක්ෂක කටයුතු සම්බන්ධීකරණය එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් මගින් සිදු කිරීමට අපේක්ෂා කෙරේ. රට තුල උද්ගතව ඇති තත්ත්වය සලකා ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට මෙම …

MCC ක්‍රිකට් සමාජයේ සභාපති ධූරයට සංගක්කාර යෝජනා වෙයි

ලෝ ප්‍රකට මැරලිබෝන් ක්‍රීඩා සමාජයේ (MCC) මීළඟ සභාපති තනතුර සදහා ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර යෝජනා වී ඇත. මැරලිබෝන් ක්‍රීඩා සමාජයේ ඊයේ (01) පැවති වාර්ෂික මහා සභා රැස්වීමේදී මේ යෝජනාව සිදුව තිබේ. ඒ අනුව කූමාර් සංගක්කාර MCC ක්‍රීඩා සමාජයේ සභාපතීත්වයට පත් පලමු බ්‍රිතාන්‍ය නොවන ජාතිකයා ලෙසින් ඉතිහාසයට එක් වනු ඇති අතර ඔහුගේ නිළකාලය මේ වසරේ ඔක්තෝම්බර් පළමුවනදා …

පකිස්තානු ක්‍රිකට් තරඟ සංචාරය කල්යයි

පකිස්තාන වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරය කල් දමා තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරන ලද්දේ මෙරට පවතින වත්මන් ආරක්‍ෂක තත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බවය. ශ්‍රී ලංකාවත්, පකිස්තානයත් අතර තරඟාවලිය ලබන මස 03 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබිණ. ඊට සහභාගි වන පකිස්තාන යොවුන් ක්‍රීඩකයින් මෙරටට පැමිණිමට නියමිතව තිබුණේ ලබන 30 වැනිදාය. ශ්‍රී …

ඩසල්ඩොෆ් හිදී හිරුණිට රිදී පදක්කමක්

ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රී ලාංකික දිගු දුර ධාවන ක්‍රීඩිකාවක් වන හිරුණි විජයරත්න ජර්මනියේදී ර්‍රයේ(28 වැනිදා) පැවැති ඩසල්ඩොෆ් මැරතන් තරගයේ දෙවැනි ස්ථානය දිනාගත්තාය. පැය 2 යි විනාඩි 34.10 කින් තරගය නිම කළ ඇය නව ශ්‍රී ලංකා වාර්තාවක්ද පිහිට වූවාය. දැඩි ශීතල මැද්දේ දිවගිය ඇය තරගය නිමකළේ අපහසුතා රැසකට මුහුණ දෙමිනි. කෙසේ වෙතත් මෙම ජයග්‍රහණයත් සමගින් ඇය දෝහා හිදී පැවැත්වෙන මලල …

ආසියානු මළල ක්‍රීඩා උළෙලේ තුන් පිම්ම ක්‍රීඩා ඉසව්වෙන් රිදී පදක්කම විදුෂා ලක්ෂානි ක්‍රීඩිකාවට

ශ්‍රී ලාංකික මළල ක්‍රීඩිකා විදුෂා ලක්ෂානි මෙවර දෝහා හී පැවෙත්වෙන, 2019 ආසියානු මළල ක්‍රීඩා උළෙලේ තුන් පිම්ම ක්‍රීඩා ඉසව්වෙන් රිදී පදක්කම ලබාගැනීමට සමත් උනා. මීගමුව නගරයෙන් ක්‍රීඩාවට පැමිණි ඇය ජයග්‍රහණය පිලිබඳ විමසීමේදී ප්‍රකාශ කර සිටියේ, ” මෙම පදක්කම සියලුම ශ්‍රී ලාංකික ජනතාවට සහ විශේෂයෙන්ම බෝම්බයෙන් විපතට පත් වූ මීගමුව ජනතාවට පුදකරන බවයි”

ආණ්ඩුකාර කුසලානය 15වනදා

රාජකීය තුරඟ සමාජය වසන්ත සමයේ පවත්වන තුරඟ තරගමාලාවේ ප්‍රධානතම අදියරවූ ආණ්ඩුකාර කුසලාන (Governors Cup) තරගය මේ මස 15 වැනිදා නුවරඑළිය තුරඟ තරග පිටියේදී පැවැත්වෙයි. වසර 1926දී පමණ ආරම්භ වූ ආණ්ඩුකාර කුසලානය (Governors Cup) වෙනුවෙන් පවත්වන තරගයට මෙවරත් වැඩි අවධානයක් යොමුව ඇති අතර දෙස් විදෙස් නරඹන්නන් විශාල පිරිසක් මේ තරගය වෙනුවෙන්ම නුවරඑළිය ප්‍රදේශයට පැමිණෙනු ඇතැයි රාජකීය තුරඟ සමාජය විශ්වාසය පළ කරයි. …

12Page 1 of 2

Newsletter

Get the best viral stories straight into your inbox!

Don’t worry we don’t spam

aaa

Business

Latest Reviews

Entertainment

Random Post

Popular Lifestyle

e3

Currency

Currency pairRate
EUR / USD
EUR / NOK
Refresh in 120