June 17, 2019
Home World

World

ධවල මන්දිර මාධ්‍ය ලේකම්වරිය ඉවත් වෙයි

ධවල මන්දිර මාධ්‍ය ලේකම් සාරා සැන්ඩර්ස් එම ධුරයෙන් ඉවත් වන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඇය උපන් අර්කන්සාස් ප්‍රාන්තයට ආපසු යාමට තීරණය කර ඇති බව පැවසූ ජනාධිපතිවරයා ඇය ශූරියකු ලෙස හැඳින්විය. 36 හැවිරිදි සාරා ගේ ඉවත් වීමෙන් හිස් වන ධුරය සඳහා පත් කරන්නේ කවුදැයි මෙතෙක් අනාවරණය කර නොමැත. (කොළඹ, ලංකාපුවත්) –

උතුරු කොරියානු නායකයා ගෙන් තමන්ට ඉතා උණුසුම් ලිපියක් ලැබුණ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. එය සුන්දර ලිපියක් බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි. ධවල මන්දිරයේ දී වාර්තාකරුවන් හමුවේ ඔහු ප්‍රකාශ කර සිටියේ වඩාත් ධනාත්මක දෙයක් සිදු වීමට යන බව තමන්ට සිතෙන බවයි. එසේ පැවසුවද ලිපියේ අන්තර්ගතය පිළිබඳව නොපැවසීමට ට්‍රම්ප් ප්‍රවේසම් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. උතුරු කොරියාව …

දෙවැනි ලෝක යුද්ධයේ දී වෙන්වූ ආදරවන්තයින් හමුවෙයි

දෙවැනි ලෝක යුද සමයේ දී වෙන් වූ ආදරවන්තයින් දෙදෙනකු මාධ්‍යවේදියකු ගේ මැදිහත් වීමෙන් යළි හමු වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වසර 1944 දී ප්‍රංශයේ සේවය කළ අමෙරිකානු සොල්දාදුවකු වූ කාරා ට්‍රෝයි රොබින්ස් එවකට 18 හැවිරිදි වියේ පසු වූ ප්‍රංශ යුවතියක වන ජීනයින් පියර්සන් සමග පැවැති ප්‍රේම සම්බන්ධතාවය හදිසියේම ඔහුට ආපසු අමෙරිකාවට යාමට සිදු වීමත් සමග ගිලිහී ගොස් තිබේ. යුද්ධයෙන් …

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය සංචාරකයන්ට

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය 2020 වසරේ සිට සංචාරකයන්ට විවෘත කිරීමට නාසා ආයතනය තීරණය කර තිබේ. ඒ අනුව සංචාර සහ වෙනත් ව්‍යාපාර සඳහා අභ්‍යවකාශ මධ්‍යස්ථානය විවෘත කරන බව නාසා ආයතනය නිවේදනය කර ඇත. එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ රොබින් ගේටන්ස් ප්‍රකාශ කරන්නේ වසරකට දෙවරක් පමණ ගගනගාමීන් අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුළ කෙටි ක්‍රියාන්විතවල යෙදීමට නියමිත බවයි. පෞද්ගලික ගගනගාමීන්හට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සංචාරය කිරීම සඳහා දින 30කට …

‘රිහානා‘ ලොව ධනවත් ම ගායිකාව වෙයි

ලොව ධනවත් ම ගායිකාවන්ගේ ලැයිස්තුවේ ඉහලින් ම සිටි මැඩෝනා සහ බියොන්සේ පරදවා රිහානා ඉදිරියට පැමිණ සිටියි. ෆෝබ්ස් සඟරාව පවසන පරිදි රිහානා ලෝකයේ ධනවත් ම සංගීතවේදිනියයි. ලෝකප්‍රකට ගායිකාවක වන රිහානා පසුගිය වසර තුනකට අධික කාලයක් ඇතුළත කිසිදු ගීත ඇල්බමයක් නිකුත් කර නැති නමුත් ඇය වෙනත් ව්‍යාපාර කටයුතුවල නිරත වී සිටින බැවින් ඇයගේ වත්කම් ඉහළ ගොස් ඇත. ‘ෆෙන්ටි’ නමින් හැඳින්වෙන රූපලාවණ්‍ය නිෂ්පාදන …

හිටපු පාකිස්තානු ජනාධිපති අසිෆ් අල් සර්දාරි අත්අඩංගුවට

හිටපු පාකිස්තානු ජනාධිපති අසිෆ් අල් සර්දාරි මහතා අත්අඩංගුවට ගත් බව එරට වංචා සහ දුෂණ මර්දන එක්කකයේ මාධ්‍ය ප්‍රකාශක වරයා සඳහන් කරයි. ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ, ව්‍යාජ බැංකු ගිණුම් පවත්වා ගනිමින් මුදල් විසුද්දීකරණයේ යෙදීම බව පවසන අතර ඔහුගේ සොහොයුරියක වන ෆර්යල් තල්පුර් පිළිබඳවද විමර්ශන කටයුතු සිදුකරන බව සඳහන්. මේ අතර සර්දාරි සහ තල්පුර් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන අතර එරට විපක්ෂය පවසන්නේ …

ලිතුවේනියාවේ වේගවත්ම ළදරුවා තේරීමේ තරගයක්

ලිතුවේනියාවේ වේගවත්ම ළදරුවා තේරීමේ වාර්ෂික ධාවන තරඟය ළදරු තරඟකරුවන් 25 දෙනකු ගේ සහභාගිත්වයෙන් පසුගිය දා පැවැත්විණි. මීට වසර 20කට පෙර ආරම්භ වූ මෙම සුවිශේෂ තරඟය සඳහා මාස 07 සිට වයස අවුරුද්ද සම්පූර්ණ වූ ළදරුවන්ට සහභාගි විය හැකිය. අඩි 16ක කාපට් ධාවන පථයක මෙම තරඟය පැවැත්වෙන අතර තරඟ අන්තයේ බිස්කට් හා සෙල්ලම් බඩු පෙන්වමින් තම දරුවන් දිරි ගන්වමින් සිටින දෙමව්පියන් වෙත …

තායිලන්ත නව අගමැති ප්‍රයුත් චාන් ඔචා

තායිලන්ත නව පාර්ලිමේන්තුව එරට නව අග්‍රාමාත්‍යවරයා ලෙස හමුදා රජයේ ප්‍රධානී ප්‍රයුත් චාන් ඔචා තෝරාපත්කර ගෙන තිබේ. ඒ අනුව මීට පෙර තායිලන්ත හමුදා කුමන්ත්‍රණයේ ප්‍රධානියා වූ ඔහු එරට සිවිල් ආණ්ඩුවේ නව ප්‍රධානියා බවට පත්වනු ඇත. තායිලන්ත පාර්ලිමේන්තුවේ බහුතරය ලබාගැනීමට නම් ඡන්ද 375 ක් ලබාගත යුතුයි. ඒ අනුව ප්‍රතිවාදී ප්‍රකෝටිපති අපේක්ෂක තනාතෝර්න් ජන්ද 244 ක් හිමිකරගන්නා විට ප්‍රයුත් චාන් ඔචා ජන්ද 500 …

වේවැල් කූඩ රැගෙන යන ටැන්සානියානු ජනපති

ප්ලාස්ටික් බෑග් තහනම් කිරීමේ නව නීතියට සහය පළ කරමින් ටැන්සානියානු ජනාධිපති ජෝන් මගුෆුලි වේවැල් කූඩයක් රැගෙන මාළු වෙළෙඳපොල වෙත පැමිණ තිබේ. කූඩයක් ගෙන ජනාධිපතිවරයා වැනි පුද්ගලයකු වෙළෙඳ පොලට පැමිණීම ටැන්සානියාවේ අසාමාන්‍ය සිදුවීමකි. තහනම් කිරීමෙන් නොනැවතුන එරට රජය ප්ලාස්ටික් බෑග් භාවිතා කළහොත් ඩොලර් 87 ක දඩයක් හෝ දින හතක සිර දඬුවම් ලබා දෙන බව මාධ්‍ය වාර්තා කරයි. ඊට අමතරව ප්ලාස්ටික් බෑග් …

නවසීලන්ත අගමැතිනිය විවාහ ගිවිස ගනී

නවසීලන්ත අගමැතිනි ජසින්ඩා අර්ඩ්න් ඇයගේ දිගු කාලීන සහකරු ක්ලාර්ක් ගේෆොර්ඩ් සමග විවාහ ගිවිස ගෙන තිබේ. පසුගිය සිකුරාදා පැවැති උත්සවයකට සහභාගී වූ අගමැතිනිය දියමන්ති මුදුවක් පැළඳ සිටි බවත් මෙම ගිවිස ගැනීම පාස්කුව ආසන්නයේදී සිදු කෙරෙන්නට ඇති බවත් එරට මාධ්‍ය වාර්තා කරයි. පසුගිය වසරේදී අගමැතිනිය ඔවුන්ගේ පළමු දරු උපත ලෙස නෙව් ටෙ අරෝහා දියණිය බිහි කළාය. (කොළඹ, ලංකාපුවත්) –

123Page 1 of 3

Newsletter

Get the best viral stories straight into your inbox!

Don’t worry we don’t spam

aaa

Business

Latest Reviews

Entertainment

Random Post

Popular Lifestyle

e3

Currency

Currency pairRate
EUR / USD
EUR / NOK
Refresh in 120